fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති අපේක්ෂකත්වය දීලා කෝටි 03ක් ගන්න හදලා

    ජනපති අපේක්ෂකත්වය දීලා කෝටි 03ක් ගන්න හදලා

    spot_img

    මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට ජනපති අපේක්ෂකත්වය ලබාදීම වෙනුවට රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු එම පක්ෂයේ 08 දෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අංශවේ නිලධාරීන් අද රාගිරිය වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලෙහිදී අත්අඩංගුවට ගත්තේය.

    පක්ෂ කාර්යාලය තුළදී මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල කෝටි 03ක මුදල ජනක රත්නායක මහතාගෙන් ලබාගන්නා අවස්ථාවේදීය.

    එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් පක්ෂයේ අපේක්ෂකත්වය ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 03ක් ඉල්ලා ඇති බව සඳහන්ය. ඒ බව ජනක රත්නායක මහතා අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලිකර එහි නිලධාරීන්ද සමඟ පැමිණ මුදල් ලබාදී ඇත. ජනක රත්නායක මහතා සමඟ පැමිණි පිරිස අල්ලස් කොමිෂමේ නිලධාරීන් බව නොදැන මුදල් ලබාගන්නා අවස්ථාවේදී එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් සරත්චන්ද්‍ර වීරවර්ධන සමඟ එම පක්ෂයේ 08 දෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර එම පක්ෂයෙන් 2015 වසරේදී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ රුවන්තිලක පේදුරුආරච්චි නැමැති අයද සිටින බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img