ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වනවිට ඇය 80 හැවිරිදි වියේ පසුවිය.
ඇය ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවකි.
සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගුවන්විදුලියෙන් මාධ්‍ය ජීවිතය ආරම්භකර ඇත්තේ 1962 වසරේදීයී.
1962 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ ‘පිබිදෙන ගායක පරපුර’, ‘ඕවල්ටීන් පැනපොඩි’ ‘රේඩියෝ සඟරාව’ යන වැඩසටහන් රසිකයින් අතර මහත් ජනාදරයට පත්විය.