fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දවසින් දවස වැඩිවෙන අපේක්ෂයෝ -දැන් 22ක්

    දවසින් දවස වැඩිවෙන අපේක්ෂයෝ -දැන් 22ක්

    spot_img

    ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 22ක් මේ වන විට ඇප මුදල් තැන්පත්කර ඇත.

    අද දිනයේත් ඉදිරි දින කිහිපය තුලත් තවත් පිරිසක් අපේක්ෂකයින් ලෙස ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතව සිටිති. මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ගණන 30 ඉක්මවනු ඇති බව මේ අනුව පෙනී යන බව දේශපාලන විශ්ලේෂණ තොරතුරු සඳහන් කරයි.

    ඊයේ දිනයේත් මැතිවරණ කොමිසම හමුවේ අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කළේය.

    සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් පානි විජේවර්ධන,බියන්විලගේ ඇන්ටනි වික්ටර් පෙරේරා, අබිදුරුස් මොහොම්මඩ් ඉල්යාස්, මරක්කල මාගේ ප්‍රේමසිරි යන මහත්වරුන් මෙලෙස නාමයෝජනා බාර දී තිබේ.

    පිළිගත් දේශපාලන පක්ෂ 11ක් සහ වෙනත් පක්ෂයක් මෙන්ම ස්වාධීන අපේක්ෂකයන් 10 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළමුව ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

    සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික සංවර්ධන පෙරමුණේ පී ඩබ්ලිව් එස් කේ බණ්ඩාරණායක ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරතන, අබිනව නිවහල් පෙරමුණ වෙනුවෙන් ඕෂධ ලක්මාල් අනිල් හේරත් ,ශ්‍රි ලංකා කම්කරු පක්ෂය සඳහා ඒ.එස්.පී.ලියනගේ , කේ ආනන්ද කුලරත්න මහතා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසත් නව සිහළ උරුමයේ සරත් මනමේන්ද්‍ර මහතාත් ජනසෙත පෙරමුණ වෙනුවෙන් බත්තරමුල්ල සීලරතන හිමියන් සහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස අක්මීමන දයාරත්න හිමියන්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ස්වාධීන අපේක්ෂකයන් ලෙස කේ කේ පියදාස මහතා ද එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතා ද රුහුණු ජනතා පෙරමුණ වෙනුවෙන් අජන්ත ද සිල්වා මහතාද වෘත්තීයවේ දී ධම්මික රත්නායක සහ ස්වාධීන අරුණලු ජනතා පෙරමුණ වෙනුවෙන් කේ ආර් ක්‍රිෂාන්, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මහත්වරුන්ද මේ වනවිට මැතිවරණ කොමිසම හමුවේ අප මුදල් තැන්පත් කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img