fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොදියුණූ දේශපාලන සංස්කෘතිය තුළ ජනපති අපේක්ෂකයන් ගණන වැඩිවෙලා

    නොදියුණූ දේශපාලන සංස්කෘතිය තුළ ජනපති අපේක්ෂකයන් ගණන වැඩිවෙලා

    spot_img

    (නදීක දයා බණ්ඩාර – මහනුවර)

    ආර්ථික වශයෙන් රට ශක්තිමත් කිරීම සඳහා රටට අවශ්‍ය ජාතික වැඩසටහන් නීතියක් බවට මේ වනවිට පත්කොට ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ දී මෑත කාලයේදී සම්මත කරගන්නා ලද අණපනත් රැසක් හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට සංවර්ධනයේ ගමන්මාවත කරා යොමුවී ඇතැයි ද අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ හංගේරියානු රජයේ ආධාර මත ගැටඹේ ගුවන් පාලම ඇතුලු එම කලාපයේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳව ඊයේ (06) පස්වරුවේ කළ නිරීක්ෂණයෙන් පසු මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෙරට ඉතිහාසයේ නොතිබුණු පරිදි ජාතික වැඩසටහනක් නීතියක් බවට පත්කොට ඇති බව කී අමාත්‍යවරයා මිල ස්ථායිකරණය සඳහා මහ බැංකු පනත මඟින් මුදල් මුද්‍රණය කිරීම අත්හිටුවා ඇති බව ද කීවේය.

    එමෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත කළ ණය පාලන පනත මගින් ගිනිපොලියට ණය ගැනීමට රජයට නොහැකි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    එමෙන්ම රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත සම්මත කිරීම මගින් අවශ්‍ය පරිදි අයවැය සකස් කළ නොහැකි වී ඇතැයි කී අමාත්‍යවරයා තමන්ට අවශ්‍ය පරිදි ආර්ථීක ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි වී ඇත්තේ ආර්ථීක පරිවර්ථන පනත හේතුවෙන් යැයි ද කීවේය.

    ඒ අනුව අයවැය කමිටුවේ විද්වතුන්ගේ දායකත්වය මගින් අයවැය සකස්කිරීමට හැකිවන බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.

    එමෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද දූෂණ විරෝධී පනත හේතුවෙන් රට තුළ සොරුන් ඇල්ලිමට හැකියාව ලැබෙන බව කී ඒ මහතා මීට පෙර කිසිදු අවස්ථාවකදී ජාතික වැඩසටහනක් නීතියක් බවට පත්කොට නැති බව එහිදී සඳහන් කළේය.

    ආර්ථික අවපාතයෙන් වැටුණූ රට ගොඩගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රතිපත්තීන්ට අනුව රටේ අනාගත සංවර්ධන මාවත නීතියක් බවට මේ වනවිට පත්කොට ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

    මෑත කාලයේදී ශ්‍රී ලංකාව තීරණාත්මක ගිවිසුම් කිහිපයකට අත්සන් කොට ඇතැයි ද කී ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය ගිවිසුම පිළිබඳව ගිවිසුම් ගත වී ඇතැයි ද එහිදී පැවසුවේය.

    ණය ආපසු ගෙවීම පිළිබදව පැරිස් සාධාරණ කණ්ඩායම සහ චීනය, ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ගිවිසුම් ඇතැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img