මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින චීන ජාතිකයින් 11 දෙනෙකුගේ සුවදුක් බැලීමට වාරියපොල බන්ධනාගාරයට පැමිණ චීන ජාතික තරුණියක් ඇතුළු චීන ජාතිකයින් තිදෙනෙක් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ යැවීමට උත්සහ ගැනීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 24ක් වන චීන ජාතික තරුණිය විසින් රැගෙන ආ නූඩ්ලස් පැකට් එකක් තුළ රුපියල් ලක්ෂයක මුදලක්, ලයිටර් 02ක් සහ දුම්කොල ගඳ වහනය වන කළුපැහැති මත්කුඩු වර්ගයක් මෙසේ බන්ධනාගාරගතව සිටින චීන සැකකරුවන්ට ලබාදීමට උත්සහ දරා ඇති බව බන්ධනාගාරග තොරතුරු සඳහන් කළේය.
මෙම චීන ජාතිකයන් තිදෙනා පැමිණ ඇත්තේ ජා-ඇලින් කුලියට ගත් මෝටර් රථයක නැගීය. එම මෝටර් රථයේ රියදුරුද බන්ධනාගාර නිලධාරීන් සිය භාරයට ගෙන චීන ජාතිකයන් තිදෙනා සමඟ වාරියපොල පොලිස් ස්ථානයට භාරදී ඇත.