ඉකුත් ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.
මුද්‍රණාලයාධිපතිනි ගංඟා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම, ඊට හේතුවී ඇති බවයි.
පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ සෙසු වියදම් ද ඉහළ ගොස් ඇත.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කරන බව, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා ය.
පසුගිය ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවේ දිග, අඟල් 27 ක්.
මෙවර අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගියහොත්, ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි වීමෙන් මුද්‍රණ වියදම් තවත් ඉහළ යා හැකි බව ද, ඇය සඳහන් පැවසී ය.