fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොස්තාපල්වරයෙක් රාජකාරි ආයුධය රැගෙන කොස්තාපල්වරයෙකු, මවක් සහ දියණියක් ඝාතනය කර සියදිවි හානිකර...

    කොස්තාපල්වරයෙක් රාජකාරි ආයුධය රැගෙන කොස්තාපල්වරයෙකු, මවක් සහ දියණියක් ඝාතනය කර සියදිවි හානිකර ගනී

    spot_img

    • අම්මයි දුවයි එක්ක කාලයක් තිස්සේ ඉඩම් ආරවුලක් තිබ්බලු
    • කොස්තාපල්ට වෙඩි තිබ්බ හේතුව තාම දන්නේ නැහැ
    • යතුරුදියකින් කිලෝ මීටර් 20ක් ගිහින් වෙඩි තියල තියෙන්නේ

    මොරණරාගල කරඬුගල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් මවක් සහ දියණියකටත් පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තබා ඝාතනයකර ඔහුද වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇත.

    මෙම ත්‍රීත්ව ඝාතනය හා සියදිවි හානිකර ගැනීම සිදුව ඇත්තේ අද අලුයම් කාලයේදීය.

    ඝාතනය වූ මව අවුරුදු 54ක්වන අතර දියණිය අවුරුදු 17ක් වන බව පොලීසිය කියයි. ඝාතනය වූ පොලිස් කොස්තාපල්වරයාද කරාඬුගල පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින අයෙකි.

    වෙඩි තැබූ පොලිස් නිලධාරියා ඊයේ රාත්‍රී කාලයේ පොලිස් ස්ථානයේ උප සේවයේ නිරතව සිට ඇත. අද අලුයම් කාලයේදී මෙම නිලධාරියා රාජකාරියට නිකුත්කර තිබුණු ටී 56 අවියද රැගෙන යතුරුපැදියකින් ගමන්කරමින් ඔහු සමඟ එකට සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයාගේ නිවසට ගොස් මුලින්ම ඔහුට වෙඩි තබා ඝාතනයකර ඇති බව පොලීසිය කියයි. පොලිස් ස්ථානයේ සිට කිලෝ මීටර් 20ක් පමණ දුරක් ගෙවා පැමිණ මෙම ඝාතනය සිදුකර අනතුරුව ඒ කිට්ටුව පාත පිහිටි තවත් නිවසකට ගොස් මවටත් දියණියටත් වෙඩි තබා ඝාතනයකර ඇති බව පොලීසිය කියයි.

    වෙඩි තැබූ පොලිස් නිලධාරියා පදිංචිව සිටින්නේ එම මව සහ දියණියගේ නිවස ආසන්නයේ නිවසක බවත් ඔවුන් දෙපාර්ශවය අතර කාලයක් තිස්සේ ඉඩම් ආරවුලක් තිබී ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    මෙසේ මවත් දියණියත් ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා නැවත ඔහු සේවයේ නිරත පොලිස් ස්ථානය ආසන්නයට ගොස් වෙඩි තබාගෙන ඇති බව පොලීසිය කියයි.

    මව සහ දියණිය ඝාතනය ඉඩම් ආරවුල මත සිදුවී ඇති බව සැකකරන අතර පොලිස් නිලධාරියාට වෙඩි තබා මරා දැමුවේ ඇයිදැයි මෙතෙක් හෙළිවී නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img