තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශවයක් සමඟදැයි යන්න පහදා ගැනීම සඳහා මැතිවරණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව විමසීමක් සිදුකර තිබේ.
වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශව කිහිපයකට බෙදීයාම සැලකිල්ලට ගනිමින් මෙම විමසීම සිදුකළ බවයි එම කොමිසම සඳහන් කර ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබෙන තීරණය අනුව ඊට අදාළ පාර්ශව සමඟ ඉදිරියේදී තමන් කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.