තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න පළාත් භාර පොලිස් ලොක්කන්ට බලය දෙයි

    මැතිවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න පළාත් භාර පොලිස් ලොක්කන්ට බලය දෙයි

    පළාත් ප්‍රධානීන් ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ මැතිවරණ කොමිෂම අතර ඊයේ විශේෂ හමුවක් පවත්වා ඇත.

    පොලිස්පතිවරයෙකු හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු නොමැති මෙම අවස්ථාවේදී පළාත් පොලිස් ප්‍රධානීන්ට සිය බලය යොදාගෙන මැතිවරණයට අදාළ නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට මැතිවරණ කොමිසමෙන් පළාත් භාර පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලැබී තිබේ.

    ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම් ලබන 15 සිදුකිරීමෙන් අනතුරුව මැතිවරණ නීතියට අනුව කිසිදු අපේක්ෂකයකුට පෝස්ටර් කටවුට් බැනර් ප්‍රදර්ශනයට ඉඩ නොතබන ලෙසත් එසේ කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව මැතිවරණ නීතිය යටතේත් යම් ප්‍රචණ්ඩකාරී සිදුවීමක් යමෙක් කරන්නේ නම් දන්නැති සංග්‍රහය ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිසම පළාත්රභ පොලිස් ප්‍රධානීන්ව දැනුවත් කරමින් සඳහන් කර ඇත.

    මේ සම්බන්ධයෙන් පොලිස් මැතිවරණ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගෙන් කළ විමසුමකදී සඳහන් කරනු ලැබුවේ පළාත්රභ පොලිස් ප්‍රධානීන් හරහා මැතිවරණය සම්බන්ධයෙන් පොලිසියේ කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුවෙමින් ඇති බවයි.

    පෙර මැතිවරණ වලදී මෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී ද නීති විරෝධී පෝස්ටර් කටවුට් ඉවත් කිරීම සඳහා ලබන පහළොස් වෙනිදායින් පසු කම්කරුවන් යොදවවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img