fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවතා තිබූ කන්ටේනරයක පොලිස් සැරයන් හුළං ඇරලා (📹)

    නවතා තිබූ කන්ටේනරයක පොලිස් සැරයන් හුළං ඇරලා (📹)

    spot_img

    මහාමාර්ගයේ නවතා තිබෙන ටොන් ගානක බඩු පැටවූ අඩි 40ක කන්ටේනර් රථයක රෝදයක රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් හුළං අරිනු ලබන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

    කන්ටේනර් රථය මාර්ගය අයිනේ නතර කර තැබීම හේතුවෙන් උරණ වූ පොලිස් නිලධාරියා මෙම ක්‍රියාවේ නිරතව ඇත්තේ එම රථය හුළං අරින ලෙස මාර්ගයේ සිට කිහිපදෙනෙකුට පැවසීමෙන් අනතුරුව එම පුද්ගලයන් ඒ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

    කන්ටේනර් රථයේ රියදුරා පැමිණෙන තුරු සිටින්නයි එම පුද්ගලයින් පොලිස් නිලධාරියාට කොතරම් කීවත් ඔහු එහි හුළං අරින්නේ ඒ සම්බන්ධයෙන් මහ මග රැඳී සිටි පිරිස් විරෝධය පාන අතරතුරය.

    පොලිස් නිලධාරියෙකු විසින් නොකළ යුතු එම ක්‍රියාව හිරිකිතයකින් තොරව සිදුකළ පොලිස් ලධාරියා අවසානයේදී රියදුරාට දඩ පත්‍රිකාවක්ද නිකුත් කරනු ලැබීය.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම වීඩියෝ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ විශේෂ අවධානයක් යොමුව ඇත.

    නාගරික රථවාහන පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා සමග එක්ව සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වී ඇත්තේ මෙම සිදුවීම වත්තල මාබෝල ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති බවය.

    පොලිස් සැරයන්වරයෙකු විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති අතර එම නිලධාරියා අද උදෑසන වනවිට පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

    එම නිලධාරියා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද මේ වන විට ආරම්භ කර ඇති අතර අද දවස තුළ එම නිලධාරියගේ වැඩ තහනම් කිරීමට අවශ්‍ය කටයුතු ද සිදුකිරීමට නියමිත බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

    මෙම නිලධාරියාගේ මේ අසික්කිත ක්‍රියාව සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    වීඩියෝ -සමාජ ජාල ඇසුරිනි. අයිතිය මුල් හිමිකරු සතු ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img