ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (01) රාත්‍රියේ තමන් හමුවීමට පැමිණි බවට මෙරට ප්‍රධාන නාලිකා කිහිපයක් වාර්තා කළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
සිය ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසා තිබේ.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර ඊයේ (01) රාත්‍රියේ දී විශේෂ සාකච්ඡාවක් පැවති බවට පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යයතාවක් නොමැත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව තිබෙන මෙවන් වකවානුවක දේශපාලන අරමුණු අරඹයා මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීමෙන් ජනතාව නොමග යන බව මාගේ විශ්වාසයයි. එම නිසා මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.” යැයි සඳහන් කර තිබේ.
අදාළ අසත්‍ය බව කියන වාර්තාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමන්ට සහය දෙන ලෙස විජේරාම නිල නිවසට පැමිණ ඉඉල්ලීමක් කළ බවත් කිසිසේත්ම එවැනි සහයක් නොදෙන බව මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවත් වාර්තා කර තිබිණි.