ප්‍රංශ ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 (කාන්තා) මූලික වටයේ තරගයට අද (03) අලුයම එක්වූ 19 හැවැරිදි තරුෂි දිල්සරා කරුණාරත්නට එම ඉසව්වේ 8 වැනි (අවසන්) ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු වූවාය.
තරුෂි මීටර් 800 හයවැනි මූලික වටයේ තරගයට මුහුණ දුන් අතර ඇය මිනිත්තු 02.07.76 ක කාලයකින් තරගය නිම කළාය.
ඒ අනුව ඇයට සුදුසුකම් නොලත් පංගු ක්‍රමය යටතේ තවත් එක් අවස්ථාවක් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් තවමත් 19හැවරිදි තරුෂි ප්‍රංශ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා බලාපොරොත්තු දැල්වීම මෙරට මලල ක්‍රීඩා අනාගතයට පෑයූ හිරු කිරණක් වැනිය.
නිවුස් වේව් ඔබට හෘදයාංගමව සුබ පතන්නේ ඔබගේ පරාජය ද අපට ජයග්‍රහණයක් මෙන් හදවතට දැනෙන නිසාය.
තරුෂි ඔබට සුබ පැතුම්!