fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්T20 තරගාවලිය 3-0 ලෙස ඉන්දියාව ජයගනී

    T20 තරගාවලිය 3-0 ලෙස ඉන්දියාව ජයගනී

    spot_img

    ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි 20 තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (30) රාත්‍රි සමත් විය.

    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුළු 9ක් දැවී ලකුණු ලකුණු 137ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ද කඩුලු 8ක් දැවී ලකුණු 137ක් ලබා තරගය සම තත්ත්වයට පත්විය.

    සුපිරි පන්දුවාරයට මුහුණදුන් ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 2ක් දක්වා සීමා වූ අතර පළමු පන්දුවට ලකුණු 4ක් ලබා ගනිමින් ඉන්දියාව තරගය ජයග්‍රහණය කළේය.

    මෙම තරගයේ එල්.පී.එල් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනු චමිදු වික්‍රමසිංහට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් උදාවූ අතර ඔහු හොඳින් පන්දු යවමින් කඩුල්ලක් දවා ගැනීම කැපි පෙනෙන සිදුවීමකි.

    සමස්ත තරගය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම හා පන්දු රැකීම විශිෂ්ට අයුරින් පැවතිය ද මෑත කාලයේ අසාර්ථක මැද පෙළ මෙම තරගයේ ද එකපිට අසාර්ථක වූ අතර වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක හෝ කමිදු මෙන්ඩිස්ට පිතිකරුවන් ලෙස සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම දක්නට ලැබිණි.

    මෑතක පැවති බොහෝ තරගවල වනිදු හසරංග පිතිකරණ ලැයිස්තුවේ විවිධ තැන්වලට පැමිණෙමින් ප්‍රවේගකාරි පිතිකරණයක නිරතවීමට පැමිණි අයුරක් දිස්වුව ද ඒ සෑම අවස්ථාවකම ඔහු ලකුණු නොලබා හෝ එක් ලකුණකට දැවී යාම මෙම තරගයේ ද දක්නට ලැබුණු විශේෂත්වයකි.

    විශේෂයෙන් චරිත් අසලංක මෙම තරගාවලියට නායකත්වය දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ බර කරට ගැනීමත් සමඟ පිතිකරුවකු ලෙස පීඩනයකට ලක්ව තරගාවලිය තුළ සුපුරුදු දක්ෂතා අතරට නොපැමිණීමද දක්නට ලැබිණි.

    ඉන්දියාව සමඟ පැවැත්වෙන පන්දුවාර 50 එක්දින තරගාවලිය අගෝස්තු 02 වැනිදා සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img