fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත උපන් බබාලා සිටි වාට්ටුවට කොන්ක්‍රීට් මිශ්‍රණයක් වැටිලා

    අලුත උපන් බබාලා සිටි වාට්ටුවට කොන්ක්‍රීට් මිශ්‍රණයක් වැටිලා

    spot_img

    මොනරාගල දිස්ත්‍රික් මහරෝහලේ ඉඳිකෙරෙමින් පවතින සිව්මහල් ගොඩනැඟිල්ලට කොන්ක්‍රීට් මිශ්‍රණ පොම්පකරමින් තිබුණු යන්ත්‍රයක බටයක් ඊයේ (30) පුපුරායාමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණ අලුත උපන් බිඳිදුන් සමග මව්වරු රැදී සිටින රොහල් වාට්ටුවක වහලයද කඩාගෙන ඇඳන් මතට වැටී තිබේ.

    රෝහලේ 15 වාට්ටුවේ සිවිලිමද කඩාගෙන මෙම කොන්ක්‍රීට් මිශ්‍රණ ඇගට වැටීමෙන් මව්වරුන් තිදෙනෙකු,සිඟිත්තන් පස්දෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක් තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

    පෙරවරු 10.00 පමණ අනතුර සිදුවී තිබෙන අතර 15 වාට්ටුවේ සිටින්නේ දරු ප්‍රසූතියෙන් පසු දරුවන් සමඟ සිටින මව්වරුන් සහ දරුවන්ය.

    රෝහලේ සිටි සේවක සේවිකාවන් සහ වෛද්‍යවරු වහා ක්‍රියාත්මකවී කොන්ක්‍රීට්වලින් නැහැවුණු බිළිඳුන් සහ මව්වරුන් ප්‍රථිකාර සඳහා යොමු කොට ඇත.

    ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

    වාට්ටුවේ සිටි අනෙක් මව්වරුන් සහ සිඟිත්තන් වෙනත් වාට්ටුවකට යොමුකර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img