තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හබරාදූවේ වෙඩිතැබීමක් - දෙදෙනෙකුට තුවාල

    හබරාදූවේ වෙඩිතැබීමක් – දෙදෙනෙකුට තුවාල

    හබරාදූව දික්කුඹුර මාර්ගයේ හරුමල්ගොඩ සදලිය ගෙස්ට් හවුස් එක අසලදී සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

    ඊයේ රාත්‍රී 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

    හබරාදූවේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් ඉලක්කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇත. එම පුද්ගලයාගේ උදරයට පළමු වෙඩිල්ලත් දෙවැනි වෙඩිල්ල වම් කණ ප්‍රදේශයටත් වැදී ඇත.

    එහිදී වෙඩි කාගෙන එම පුද්ගලයා මාර්ගයේ දිවගොස් ත්‍රීරෝද රථයකට ගොඩවීමට උත්සහ දරා තිබේ. එවිට තවත් වෙඩිල්ලක් තබා ඇති බවත් එය ත්‍රීරෝද රථයේ රියදුරුගේ අතකට වැදී ඇති බවත් හබරාදූව පොලීසිය කියයි.

    ත්‍රීරෝද රථ රියදුරු අගුළුගහ පදිංචි 54 වියැති පුද්ගලයෙකි. වෙඩි වැදුණු දෙදෙනාම ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img