තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"හමුදා මෙහෙයුම් නතර කරන්නෑ" -ඊශ්‍රායල අගමැති

    “හමුදා මෙහෙයුම් නතර කරන්නෑ” -ඊශ්‍රායල අගමැති

     
    තම රටේ යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඇමරිකානු කොංග්‍රසයට ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හෙතෙම ඊයේ (24) මේ බව කියාසිටියේය.
     
    හමාස් සංවිධානයේ යුද බලය සහ ගාසා තීරයේ ඔවුන් සතුව පවතින පරිපාලන හැකියාව විනාශ කර, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව අගමැතිවරයා එහිදී සඳහන් කළේය. ගාසා තීරයේ සරණාගතයන් යළි පදිංචි කරවීමට ඊශ්‍රායලය උත්සාහ නොදරනු ඇත. එහෙත්, සමස්ත ගාසා තීරයේ ආරක්ෂාව පිළිබඳ පාලන බලය තම රට සතු විය යුතු බවත්, ඉදිරියේදී එම ප්‍රදේශය ඊශ්‍රායලයට තර්ජනයක් නොවන බවට තහවුරු කර ගත යුතු බවත් ඔහු පැවසීය.
     
    ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා යේමනයේ හූති සංවිධානය අතර පවතින ගැටුම් පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ, තම රටේ උතුරු දේශසීමා ප්‍රදේශයේ ආරක්ෂාව උපරිම අයුරින් යළි සහතික කිරීමට පියවර ගන්නා බවයි.  ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන ඕනෑම පුද්ගලයෙකුටම බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ඔහු කියාසිටී.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img