fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන - යුක්‍රේන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

    චීන – යුක්‍රේන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

    spot_img

    චීන විදේශ අමාත්‍ය වං යී මහතා යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා මහතා, හමුවෙයි. එම හමුව, චීනයේ ගුවැන්චෞ නුවර දී පැවැත්විණ.

    යුක්රේන අර්බුදය දේශපාලන මාර්ගවලින් විසඳා ගැනීමට චීනය මුල සිට ම සහාය දෙමින් සිටින බව වං යී මහතා එහිදී පැවසීය. සාමය සඳහා වන සමස්ත ප්‍රයත්න වෙනුවෙන් සහයෝගය ලබා දෙන චීනය, සටන් විරාමයක් හා සාමකාමී සාකච්ඡා පණගැන්වීම වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් ඉටුකිරීමට ද සූදානමින් සිටී. එසේම යුක්රේන තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් මානුෂීය සහනාධාර අඛණ්ඩ ව සැපයීමට චීනය සූදානම් බව ද වං යී මහතා සඳහන් කළේය.

    සාමය තහවුරු කිරීම සහ ජාත්‍යන්තර පටිපාටිය සුරැකීම වෙනුවෙන් චීනය ඉටු කර ඇති කාර්යභාරයන් යුක්රේන විදේශ ඇමතිවරයා එහිදී ඉහළ පැසසුමට ලක් කළේය. රුසියාව සමග එක්ව සාකච්ඡා පැවැත්වීමට තම රට සූදානම් බව ද යුක්රේන විදේශ ඇමති කුලේබා මහතා කියාසිටියේය.

    ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් පොදු අවධානයට ලක්වූ ප්‍රශ්න සම්බන්ධයෙන් ද විදේශ ඇමතිවරු දෙපළ මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img