fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගලගොඩඅත්තේ ඥානසාර හිමිටත් ඇප

    ගලගොඩඅත්තේ ඥානසාර හිමිටත් ඇප

    spot_img

    වසර 4ක සිර දඩුවමක් ලබාසිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කර තිබේ.

    ඒ අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයට අනුවයි.

    සිර දඩුවම් නියමවීමෙන් අනතුරුව ඥානසාර හිමියන් විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

    එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියෝ කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබුණි.

    එම මහාධිකරණ නියෝගයට අනුව ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පසුගිදා නියෝග කළේය.

    එම අභියාචනාධිකරණ නියෝගය පරිදි උන්වහන්සේ අද දිනයේදී කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයා විසින් ඇප මත මුදාහැරීමට ද කටයුතු කර ඇත.

    2016 වසරේ කුරගල විහාරස්ථානය පිළිබදව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළකරන ලද අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුකොට ආගමික සංහිදියාවට බාධා කළේ යැයි එල්ල වූ චෝදනා දෙකකට වරදකරු කරමින් ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය පසුගිය මාර්තු 30 වනදා බරපතළ වැඩසහිත සිරදඩුවම් නියම කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img