සිය පොලිස් බිරිඳට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් පොලිස් සැමියකුව කන්කසන්තුරේ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.
තෙලිප්පලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරියක් විසින් සිය සැමියා විසින් තමාට පහරදෙන බවට 107 මධ්‍යස්ථානයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර පොලිස් සැමියා අත්අඩංගුවටගත් බව කන්කසන්තුරේ පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පොලිස් සැමියා උතුරු පළාත් තොරතුරු තාක්ෂණ උප ඒකකයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකාර පොලිස් සැමියා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.
පොලිස් සැමියාගෙන් පහරකෑ පොලිස් බිරිඳ තෙලිප්පලේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව කන්කසන්තුරේ පොලීසිය සඳහන් කරයි.