fbpx
තවත්
    මුල් පිටුවspecialසිවුවැනි වරටත් ජැෆ්නා කිංග්ස් ශූරතාව හිමිකර ගනී

    සිවුවැනි වරටත් ජැෆ්නා කිංග්ස් ශූරතාව හිමිකර ගනී

    spot_img

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 ශූරතාව දිනා ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(21) සමත් විය.

    අවසන් මහා තරගයේ ගෝල් මාවල් කණ්ඩායම පරාජයට පත් කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුළු 9ක ජයක් හිමිකර ගත්තේය. ඒ අනුව ජැෆ්නා කිංග්ස් මේ හිමිකර ගත්තෙව් LPL සිවු වැනි ශූරතාවයි.

    මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 184ක් රැස්කර ගත්තේය.

    ගෝල් මාවල් පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 82ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් විය.

    පන්දු යැවීමේදී ජැෆ්නා කිංග්ස් පිල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුළු 3ක් දවා ගත්තේය.

    අනතුරුව පිටියට පැමිණි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 185 ක් රැස්කර තරගය ජය ගැනීමට සමත් විය.

    ජැෆ්නා පිල වෙනුවෙන් රිලී රොසෝව් නොදැවී ලකුණු 106 ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 7ක් සහ හතරේ පහර 9ක් ද සමගිනි.

    කුසල් මෙන්ඩිස් පන්දු 40 කදි ලකුණු 72ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.

    තරගයේ සහ තරගාවලියේ ශූරයා සම්මානය රිලී රොසෝව් (ජැෆ්නා කිංග්ස්) හිමිකර ගත් අතර නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය චමිඳු වික්‍රමසිංහට (දඹුල්ල සික්සර්) හිමිවිය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img