බන්ධනාගාරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසිනි.
ඇයට රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක්, සංචාරක තහනමක් සමඟ මෙම ඇපය නියම වී ඇත.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තරුණයකු පැහැර ගැනීම සහ පහරදීම ඇතුළු චෝදනා 18කට වරදකරු වීමෙන් බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටී.
එම නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඇයට මෙලෙස ඇප නියම වී ඇතැයි වාර්තා වේ.
Photo- File photo