fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලොවේ දැවැන්ත තාක්ෂණික ඇණහිටීමක්!

    ලොවේ දැවැන්ත තාක්ෂණික ඇණහිටීමක්!

    දැන් පැය කිහිපයක සිට ලොව පුරා දැවැන්ත තාක්ෂණික ඇනහිටීමක් සිදුවී තිබේ.

    ලොව පුධානතම එක්සත් ජනපද සයිබර් ආරක්ෂණ සමාගමක් වන CrowdStrike හි දෝෂ සහිත ප්‍රතිවෛරස (Anti Virus) යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම ඇණහිටීම සිදු වූ බවට විශ්වාස කෙරේ.

    මේ නිසා ව්ශාලතම සමාගම් බොහොමයක් අර්බුදයට ඇද දමා ඇති අතර ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කිරීම ද ඇන හිට ඇතැයි වාර්තා වේ.

    මෙම ගැටළු බැංකු, රජයේ කාර්යාල, තොරතුරු තාක්ෂණ සමාගම් සහ ගුවන් තොටුපළ ඇතුළු ලොව පුරා විශාලතම සමාගම් කිහිපයකට බලපා ඇති අතර, සමහර ගුවන් ගමන් අඩාල වීමට ද හේතු වී තිබේ.

    ලොව පුරා සිටින Windows 10 පරිශීලකයින් විශාල ඇනහිටීම්වලට මුහුණ දී සිටින අතර, එය පරිගණක සිරවී ප්‍රතිසාධන තිරය ( recovery screen) වැරදි සහිත නිල් තිරය (Blue Screen) දිස්වීමට හේතු වී තිබේ.

    ඔබ භාවිතා කරන බොහෝ තොරතුරු තාක්ෂණ සේවාවන් ඉදිරි පැය කිහිපය තුළ යම් ආකාරයකින් නැවත ආරම්භ කිරීමට (rebooted) නියමිත බව උපකල්පනය කිරීම වඩාත් සුදුසුය.

    ඔබ දැනට පරිගණක භාවිතයෙන් අවදානම් සහිත හෝ ඉතා වැදගත් කාර්යයන් හි නිරත ඒ්වා ගැන සැලකිලිමත් විම වැදගත් ව අතර මෙම තත්වයන් සමථයකට පත් වන තෙක් ඉවසා සිටීම වඩාත් සුදුසුය.

    විශාල සමගම් මේ නිසා නිවාඩු ලබා දීමට පවා කටයුතු කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ද අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක බොහෝ සේවා මේ නිසා අද දිනයේ ඇණහිට තිබිණි.

    මෙම තත්ත්වය මත වින්ඩෝස් (Windows) පරිගණක මිලියන ගණනක් (BSOD) මේ වනවිට ක්‍රියා විරහිත (Down) වී ඇත.

    Airlines, Hospitals, Hotels වගේම Microsoft Windows සහ Microsoft Azure මත පදනම්ව වැඩ කරන හැම ආයතනයක්ම මේ නිසා ක්‍රියාවිරහිත වී තිබේ.

    කෙසේ වෙතත් මෙයට හේතුව Microsoft ආයතනයේ හේතුවක් නොවෙන CrowdStrike – Cloud based Security Solution එකක ගැටළුවක් බවට ද තොරතුරු යාවත්කාලීන වී තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img