තවත්
    මුල් පිටුවදේශීය පුවත්කාන්තන්කුඩියේ නිවසක බෝම්බයක් පුපුරයි - පොලීසියෙන් පුළුල් විමර්ශනයක්

    කාන්තන්කුඩියේ නිවසක බෝම්බයක් පුපුරයි – පොලීසියෙන් පුළුල් විමර්ශනයක්

    මඩකලපුව කාන්තන්කුඩි පොලිස් වසමේ මුනච්චිමුන ප්‍රදේශයේ අංක 09 නිවාස සංකීර්ණයේ නිවසක ඊයේ සිදුවූ පිපුරුම අත්බෝම්බයකින් සිදුවූවක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    මෙම බෝම්බ පිපුරුම වී ඇත්තේ නිවසක කාමරයකය. එම කාමරයේ තිබී අත්බෝම්බයේ ලීවරය සහිත කොටස සහ කුඩා යකඩ බෝල ද පොලීසිය සොයාගෙන ඇත.

    පිපිරීමෙන් කිසිවෙකුටත් හානි නොමැති අතර නිවසේ පිපිරීම සිදුවූ කාමරයට සුලු හානි සිදුව ඇති බවට පොලිසිය සඳහන් කරයි.

    මෙය නිවසට එල්ලවූ බෝම්බ ප්‍රහාරයක්ද ? නැතිනම් වෙනත් ක්‍රියාවක් නිසා සිදුවූවක්දැයි සොයා විමර්ශන පැවැත්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img