සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන හය හැවිරිදි දරුවෙකුට පහරදීමේ වීඩියෝ දර්ශනයට අදාලව සැකකාරියන් සිව්දෙනෙකු අරණායක පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ විමර්ශන වලින් අනතුරුව අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ දරුවාගේ මිත්තණියන් දෙදෙනෙකු සහ පහරදිමට අනුබල දීම සම්බන්ධයෙන් දරුවාගේ මව සහ තවත් මිත්තණියක් මෙලෙස අරණායක පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අරණායක පොලිස් වසමේ ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටින 78 හැවිරිදි තුන්බෝවිටපුර දේවයලාගේ සෝමාවතී 71 හැවිරිදි තුන්බෝවිටපුර දේවයලාගේ නන්දාවති 61 හැවිරිදි තුන්බෝවිටපුර දේවයලාගේ පත්මාවතී සහ දරුවාගේ මව වන 41 හැවිරිදි දේවපුරලෑ ගෙදර චාන්දනී යන සිව් දෙනාය.
ඇහැලගස්තැන්න ප්‍රදේශයේ බාල වයස්කාර පිරිමි දරුවෙක්ට අමානුෂික අයුරින් පහරදිමේ සිදුවිමක් මුහුණු පොතේ සංසරණය වනබවට හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන්අරණායක පොලිසියට ලද තොරතුරක් මත ළමා හා කාන්තා කර්යංශය විසින් විමර්ශනයක් පවත්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.