මේවනවිට බන්ධනගාර ගතකර සිටින රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.
වාර්ෂික බන්ධනාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව හෙතම කියා සිටියේය.
රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ සනීපරක්ෂක ද්‍රව්‍ය එක රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි දීමට අවස්ථාව එදිනට හිමි වන බව හෙතම පැවසීය.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරවල ක්‍රියාත්මක වන බව ගාමිණි බී. දිසානායක මහතා කියා සිටියේය.