ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව නාමල් රාජපක්ෂ පැවසීය.
ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය මගින් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු නම් කිරීමට ප්‍රමාද ඇයිද යන්න පිලිබදව සිදු කළ විමසීමකදීය.
මෙහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ ද කීවේය.
කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති වලට එකග වන ජනාධිපති මැතිවරණයෙන් ජය ගතහැකි අපේක්ෂකයකු මේමස අවසානයේදී නම් කරනවා. අපේක්ෂකයකු නම් කිරීමට අපට කිසිදු හදිසියක් නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ යාන්ත්‍රණය ඉතා ශක්තිමත්. ජනාධිපතිවරණය කැදවූ පසු සති 4ත් 6ක් ඇතුලතදී එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබෙනවා. තමා ජාතික සංවිධායක ලෙස එන ඕනෑම අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට බිම්මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ඉටුකරනවා යැයි හෙතම කියා සිටියේය.