තවත්
    මුල් පිටුවදේශීය පුවත්කැනඩාව පෙන්වා මුදල් ගැරූ කොස්තාපල්ට වූ දේ

    කැනඩාව පෙන්වා මුදල් ගැරූ කොස්තාපල්ට වූ දේ

    කැනඩාවේ රැකියා සඳහා යවන බව සඳහන්කර මුදල් සහ රන් ඊාණ්ඩ කාන්තාවකගෙන් ලබාගෙන වංචා කළ පොලිස් නිලධාරියකු ලබන 25 වෙනිදා දක්වා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    පොලිස් කොස්තාපල්වරයෙක් වන මෙම නිලධාරියා නල්ලතන්නිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත 42 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    කැනඩා රටේ රැකියාවකට යවන බව සඳහන් කරමින් රුපියල් 900,000ක මුදලක් සහ පවුම් එකයි කාලක රන් භාණ්ඩ ලබාගත් මෙම පොලිස් නිලධාරියා මුදල් වංචා කළ බවට පැමිණිල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී ඇත්තේ පසුගිය මාර්තු 22 දාය.

    ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තාකර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ විට ඔහු ඊයේ (11) නීතීඥයෙක් මගින් අධිකරණයට භාරවූ බව පොලීසිය කියයි. එහිදී මහේස්ත්‍රාත්වරයා ඔහුව රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img