කතරගම මහා සමන් දේවාලයේ ඇසල පෙරහැරේ විශේෂ රාජකාරියේ නිරතව සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් නිලධාරියෙක් කතරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත 32 හැවිරිදි වියේ පසුවන පොලිස් කොස්තාපල්වරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇක්කේ ඊයේ සවස් කාලයේදීය.
මෙම නිලධාරියා අතවරකර ඇත්තේ දෙපානම පන්නිපිටියේ සිට පෙරහැර නැරඹිමට ගොස් සිටි 19 හැවිරිදි වියේ පසුවන තරුණියකටය.
දේවාල භූමියේදී මෙම නිලධාරියා ඇයට අතවරකර ඇත.
මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටදමාතර පොලිස් අධිකාරීවරයා අද පියවර ගෙන තිබේ.