තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිවරණය සහ ධුර කාලය: නීතිපති පියවරක් ගනී

    ජනපතිවරණය සහ ධුර කාලය: නීතිපති පියවරක් ගනී

    ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර 05 ක් බව පැහැදිලි බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම කළේ ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

    අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතුකරන බවත් නීතිපතිවරයාගේ පාර්ශ්වය මෙහිදී අධිකරණයට දැනුම් දී ඇත.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම අද සිදුකෙරේ.

    වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කෙරෙමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය.

    මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම එහි සභාපතිවරයා ඇතුලු සාමාජිකයින්, නීතිපතිවරයා, නම් කර ඇත.

    පෙත්සම්කරු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධන හේතුවෙන් එම ධුර කාලය අවසන් වන දින වකවානු පිළිබඳ අපහැදිලිතාවක් මතුව ඇති බවයි.

    කෙසේවෙතත් මෙම පෙත්සමට එරෙහිව කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුලු පාර්ශව හතක් අතරමැදි පෙත්සම් අතරමැදි පෙත්සම් 5ක් ගොනු කර ඇත.

    මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මේ මස 17 වනදායින් පසු ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img