ශ්‍රී ලංකා රජයේ ණය තොගය 2024 අප්‍රේල් 30 වන විට 2.76% කින් අඩුවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
එම වටිනාකම රුපියල් බිලියන 803.2කි.
2023 දෙසැම්බර් 31 වනවිට රජයේ පැවති ණය තොගය රුපියල් බිලියන 29,150.4 කි.
2024 අප්‍රේල් 30 වන දින රුපියල් බිලියන 28,347.2 දක්වා එය අඩුවී ඇත.
මෙරටට තිබූ විදේශ ණය තොගය 9.2%කින් ද සැලකිය යුතු අඩුවීමක් සිදුවී තිබේ. එහි මුල්‍ය වටිනාකම රුපියල් බිලියන 1,113.4කි.
පෙර පැවති විදේශ ණය තොගය බිලියන 12,076.7 කි.
ඒ අනුව මේ වනවිට රුපියල් බිලියන 10,963.3 දක්වා විදේශ ණය ප්‍රමාණය පහත වැටී ඇත.
මෙරටට තිබූ සමස්ත දේශීය ණය තොගය රුපියල් බිලියන 17,073.7 කි.
එය මේ වනවිට 1.8% කින් එනම් රුපියල් බිලියන 310.2 කින් සුළු වැඩිවීමක් පෙන්නුම් කළේය.
ඒ අනුව රුපියල් බිලියන 17,383.9 දක්වා වැඩිවී ඇත.
මෙම දේශීය ණය වැඩිවීම මහ බැංකු මූල්‍යකරණයෙන් තොරව අයවැය කළමනාකරණය කිරීමට රජය දරන උත්සාහයේ ප්‍රතිඵලයක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
විනිමය අනුපාතිකය ශක්තිමත් වීම විදේශ ණය තොග අඩුවීමට හේතු වී ඇතැයි හෙතෙම අවධාරණය කළේය.