තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාතාලයේ 'විදුරගේ' අවි මස්සිනාගේ ගෙවත්තෙන් ගොඩගනී

    පාතාලයේ ‘විදුරගේ’ අවි මස්සිනාගේ ගෙවත්තෙන් ගොඩගනී

    රත්ගම විදුර නැමැති කුප්‍රකට පාතාලයේ මත්කුඩු ජාවාරමකරුගේ මස්සිනා වන දුලාජ් තරංග නැමැති අය පදිංචි රත්ගම බෝපාගම පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විිසින් දැඩි පරීක්ෂාවකට ලක්කර ගෙවත්තේ වලදමා තිබූ රිවොල්වරයක් සහ පතොරම් 03ක් සොයාගෙන ඇත.

    මේ වන විට රටින් පළාගොස් සිටි ලසන්ත ද සොයිසා නොහොත් රත්ගම විදුර නැමැති පාතාලයේ අපරාධකරුගේ බිරිඳගේ සහෝදරයාවන මෙම සැකකරුව මාතර පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මත්කුඩු සමඟ පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. සතියක කාලයක් රදවාගැනීමේ නියෝගමත විමර්ශන පවත්වා ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    මේ වන විට මෙම සැකකරු සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. ගෙවත්තේ වලදමා තිබුණු ගිනි අවිය ඊයේ සොයාගෙන ඇත්තේ ඒ අනුවය. මෙම ගිනි අවිය රත්ගම විදුරට අයත් එකක් බව සඳහන්ය.

    රත්ගම විදුර ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙක් සහ පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් සමීපව ඇසුරුකරන්නෙක් බව බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.

    (Photo – File Photo)

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img