නිලාවේලී වෙරළේ දිය නාමින් සිටියදී දියවැලකට එකවර ගසාගෙන යමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකුගේ දිවි බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ඊයේ (06) සමත්ව ඇත.
පිළිමතලාවේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි එකම පවුලේ සාමාජිකයන් පිරිසක් මෙසේ දියවැලට හසුවී ඇති බව පොලීස් ජීවිතාරක්ෂක ඒකකය සඳහන් කරයි.
දියේ ගසාගෙන යමින් සිටි පිරිස දුටු සැණින් පොලිස් සැරයන්වරුන් වන ගුණසේකර, සමරසිංහ, කොස්තාපල් මධුසංක වහා දියඹට පැන පිහිණා ගොස් මේ පිරිස බේරාගෙන තිබේ.
මේ අයගෙන් එක් පුද්ගලයෙකු හැරුණු විට රෝහල්ගත කිරීමට තරම් අපහසුතාවක් සෙසු පස් දෙනාට තිබී නැතැයි ද ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීීන් සඳහන් කළේය.