මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් තමා ලබාදුන්නේ මුදල් වංචා කිරීමකට අදාලව තමාට එරෙහිව අධිකරණයේ එදින විභාගයට ගැනීමට නියමිතව තිබුණු නඩුවක් කල්දාගැනීමේ අපේක්ෂාවෙන් බව ඒම ව්‍යාජ ඇමතුම ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
එම ඇමතුම ලබාදුන් ජංගම දුරකථනය ද පොලීසිය විසින් උණ පදුරක් අස්සේ සඟවා තිබියදී සොයාගෙන තිබේ.
වටවල ,කඩවලවත්තේ පදිංචිකරුවෙක් වන එස්. සෙල්වදොරේ නැමැති 58 හැවිරිදි ඒම සැකකරු විදේශ රැකියා සඳහා යවන බව සඳහන් කරමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන වංචාකර ඇති අයෙක් බව පොලීසිය කියයි. ඔහුට එරෙහිව මහනුවර පොලීසියේද පැමිණිලි දෙකක් තිබී ඇති අතර ඒ් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක්ද සිදුවෙමින් පවතින බව පොලීසිය කියයි.
එම නඩු කටයුත්තට අදාලව රුපියල් 250,000ක හා රුපියල් 205,000 ක මුදලක් ගෙවීමට මෙදින ඔහුට නියමිතව තිබී ඇති බැවින් ඒම මුදල නොගො නඩුව කල් දමා ගැනීමට අධිකරණයේ බෝම්බයක් ඇතැයි බොරු ඇමතුමක් ලබාදී තිබෙන බව විමර්ශනයේදී හෙළිවී ඇත.
මෙම ඇමතුම ඔහු විසින් ලබාදී ඇත්තේ ඔහුගේ අසල්වැසියෙක් වන ඒ්. මහේන්ද්‍ර නැමැති 53 හැවිරිදි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනය සොරාගෙන ඒහි සිම්පත සිය ජංගම දුරකථනට ඇතුළුකරමින් බවද විමර්ශනයේදී හෙළිවී ඇත. සිම්පතේ හිමිකරු බස් රථ කොන්දොස්තරවරයෙකි.
මෙම බෝම්බ ඇමතුම පෙරේදා (02) පෙරවරුවේදී පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදී ඇත්තේ පෙරවරු 10.30ට පමණය. ඊට පෙර ඔහු තමාගේ නඩුවලට අවස්ථා කිහිපයකදී ඉදිරිපත්ව සිටි නීතීඥවරියකගේ දුරකථනයට ඇමතුමක් ගෙන අධිකරණය තුළ බෙබෝම්බයක් ඇතැයි සඳහන්කර ඇයට උසාවි භූමියෙන් පිටතට යන ලෙස දැනුම්දී ඇත. ඒම ඇමතුම ඇයට ලබාදී ඇත්තේ ඇය මගින් කලබලයක් ඇතිකිරීමේ අපේක්ෂාව ඇතිව බවද අනාවරණය වී ඇත.
ඒම නීතීඥවරිය ඒම ඇමතුමට කලබල වී නැත. පොලීසියට ලද ඇමතුමට අනුව වහාම ක්‍රීයාත්මක වූ පොලිස් නිලධාරීන් අධිකරණයේ ආරක්ෂාව සඳහා පියවර ගත්තේය. බෝම්බ නිෂ්ක්‍රීය අංශය යොදවා කළ පරීක්ෂාවකින් අනතුරුව දුරකථන ඇමතුමෙන් කී ආකාරයට අනුව බෝම්බ තර්ජනයක් නැති බව තහවුරු වී තිබුණි. අනතුරුව ඒම ඇමතුම දුන් දුරකථන අංකය ඔස්සේ විමර්ශන පවත්වා ඇමතුම දුන් දුරකථන සිම්පතේ හිමිකරු වන මාහේන්ද්‍රන් නැමැති බස් කොන්දොස්තර ගිනිගත්හේන පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා සිටින්නේ ඊට පෙර දිනයේ සිට තමාගේ දුරකථනය අස්ථානගතනගතව ඇති බවය. තමා එළුවන්ට කොළ කැපීම සඳහා ගොස් සිටියදී නිවසේ ජනේල් පඩිය මත තිබුණු ජංගම දුරකථනය කිසියම් අයෙක් විසින් සොරාගෙන ගොස් ඇති බව ද පොලිස් ප්‍රශ්න කිරීමේ හමුවේ ඔහු පවසා තිබුණි.
ඒ අනුව පොලීසිය එම දුරකථන ඇමතුම ලබාගත් දුරකථනයේ එමි අංකයට අදාලව කළ තාක්ෂණික පරීක්ෂණයකින් අනතුරුව එම සිම්පතින් ඇමතුම ලබාගත් දුරකථනයේ හිමිකරු හදුනාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා බස් කොන්දොස්තරගේ අසල්වැසියා වන සෙල්වදොරේය.
මෙම සැකකරුවන් දෙදෙනා ඔවුන්ගේ දුරකථන සිම්පත් මාරුකරමින් මෙයට පෙරද ඇමතුම් ගැනීම්වල නිරතව සිට ඇති බැවින් පොලීසිය ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සඳහන්කරනු ලැබුවේ ගිනිගත්හේන පොලීසිය මගින් අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් දෙදෙනා මහනුවර පොලිස් භාරයට ගත් බවත් ඔවුන් දෙදෙනා දින 03ක් රදවාගෙන පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නියෝග ලබාගත් බවත්ය.
මෙම ව්‍යාජ දුරකථන ඇමතුම හේතුවෙන් පෙරේදා (02) පෙරවරුවේ සියලු අධිකරණ කටයුතු මුළු මනින්ම ඇණහිට ඇති අතර ඊයේ සුපුරුදු ලෙස අධිකරණ කටයුතු සිදුවිය.