තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහල් නිවාසයේ 67 තට්ටුවෙන් වැටුණු සිසුන් දෙන්නා ගැන තවත් තොරතුරු එළියට

    මහල් නිවාසයේ 67 තට්ටුවෙන් වැටුණු සිසුන් දෙන්නා ගැන තවත් තොරතුරු එළියට

    කොළඹ කුරුදුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවා සහ සිසුවිය කොම්පඤ්ඤවීදියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ 67 වෙනි මහලින් බිමට වැටී මියයාමට පෙර ඒම ගොඩනැගිල්ලෙහි පස් වෙනි මහලේ ඇති කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් සිය පාසල් ඇදුම් ගලවා වෙනත් ඇදුම් හැද ඉහළ මහලට ගොස් මෙම අනතුරට මුහුණ දී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

    මෙම සිසුවියත් සිසුවාත් පෙරේදා (02) ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ගයේ අනිත් පසින් බසින අසුරු ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබී ඇත.

    පාසල් නිල ඇදුමින් සිටි සිසුවියගේ කරෙහි බෑගයක් එල්ලාගෙන සිටින අතර සිසුවාගේ කරෙහි බෑග් දෙකක් ඒල්ලමෙින් ඇති අයුරු වීආරක්ෂක කැමරා දර්ශන වල සටහන්ව තිබී ඇත.

    පාසලේ 10 වන පංතියේ ඉගෙනුම ලබන මෙම සිසුන් දෙදෙනාගේ දෙමාපියන්ද ඒකිනෙකා දැන හදුනන හිතවත් අය බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. සිසුවා වැල්ලවත්ත හාමස් ඇවිනියු හී පදිංචිව සිටි ඩිවෝන් ශූරෝ සිං බවත් සිසුවිය කැලණිය සපරමාදු පෙදෙසේ පදිංචි රෝස් මිරායි ද සේම් බවත් පොලීසිය කියයි. මෙම දරුවන් දෙදෙනාගේ පවුල්වල උදවිය සමාජයේ වැදගත් පුද්ගලයින් මෙන්ම බලවත් අය බවද පොලිස් තොරතුරු සඳහන් කරයි.

    මෙම සිසුවාත් සිසුවියත් මෙම ගොඩනැගිල්ලට ඇතුළු වී සෝපානයේ නැගී පස් වැනි මහලේ ඇති කායවර්ධන මධ්‍යස්ථානයට ගමන්කරනු ලබන්නේ එහි නිතර යන එන පුරුදුකාරයන් ලෙස බව ද ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරමින් කළ විමර්ශනයේදී පොලීසියට පෙනී ගොස් ඇත. මෙම සිසුන් සමඟ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන පකිස්තානු ජාතික සිසුවෙක් පදිංචිව සිටින්නේද මෙම නිවාස සංකීර්ණයේ 60 වෙනි මහලේ ඇති නිවාසයක බව සඳහන්ය. එම සිසුවා සහ මෙම සිසුවියත් සිසුවාත් මිතුරන් බවද අනාවරණය වී තිබේ.

    පස්වෙනි මහලට ගොස් සිය පාසල් නිල ඇදුම් ගලවා කළු පැහැයට හුරු ඇදුම්වලින් සැරසුණු සිසුවාත් සිසුවියත් මහල් නිවාස සංකීර්ණයේ පහළට නැවතත් පැමිණ ඇත. අනතුරුව සිසුවා පමණක් පිටතට පිවිස නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ අනිත් පසට ගමන්කර යතුරු පැදිකරුවෙකුගෙන් යමක් රැගෙන නැවත නිවාස සංකීර්ණය තුළට ඇතුළුවී ඇත. ආරක්ෂක කැමරා පිරිස්සීමේදී පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ ඔවුන් දෙදෙනා නැවතත් සෝපානයට ගොඩවී 67 වෙනි මහලට ගමන්කරන බවකි.

    උසස් පොලිස් නිලධාරියෙක් පැවසූවේ යතුරුපැදිකරුගෙන් ඒම සිසුවා දුම්වැටි කිහිපයක් ලබාගෙන ඇති බව විමර්ශනයේදී පෙනී ගිය බවය. ඒ් ගැන වැඩිදුරටත් විමර්ශන පැවැත්වෙන බවද ඒම නිලධාරියා පැවසීය.

    67 වෙනි මහලට ගමන් කළ සිසුවාත් සිසුවියත් ඒම මහලින් පිටතින් බැසීමට ඇති තරප්පු පෙළ වෙත ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ. ඒම ස්ථානය ආරක්ෂක කැමරාවලට ආරවරණය නොවන බව පෙනී ගොස් ඇත. සිසුවියත් සිසුවාත් බිමට වැටී ඇත්තේ ඒම ස්ථානයේ සිටියදීය. ඔවුන්ගේ සිරුරු වැටී ඇත්තේ නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ පිහිටි වායු සමීකරණ යන්ත සවිකර ඇති කොටස වෙතය. 67 වෙනි මහලින් ඔවුන් දෙදෙනා බිමට වැදී ඇත්තේද ආරක්ෂක යකඩ ආවරණය පවා කඩාගෙනය.

    මෙම නිවාස සංකීර්ණය මහල් 70කින් සමන්විතය. සිසුවාත් සිසුවියත් බිමට වැටුණු ස්ථානය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් දෙදෙනා ඒම ස්ථානය ගැනද හොද අවබෝධයක් ඇති අය බවය. ගොඩනැගිල්ලට ආගන්තුක වන අයට ඒම ස්ථානයට ඇතුළුවීමට අවබෝධයක් නොමැති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    සිසුවාත් සිසුවියත් බිමට වැටුණු 67 වෙනි මහලේ තිබී ඔවුන්ගේ සපත්තු සහ මුදල් පසුම්බි මෙන්ම ජංගම දුරකථනද හමුවී ඇත. ඒ්වා තිබී හමුවූයේ තරප්පු පෙලේ දී බව පොලීසිය කියයි.

    මෙම සිසුන් දෙදෙනා මෙම නිවාස සංකීර්ණයට ඇතුළු වූයේ සියදිවි හානිකර ගැනීමේ අපේක්ෂාව ඇතිව නම් ඇදුම් මාරුකරමින් නොසිට කෙලින්ම ඉහළ මහලට ගොස් සියදිවි හානිකර ගැනීමට ඉඩ තිබුණු බව විමර්ශනවලදී පොලීසියට පෙනී ගොස් ඇත. මෙම සිසුවාගේත් සිසුවියගේත් හැසිරීම ආරක්ෂක කැමරාවලින් නිරීක්ෂණය කිරීමේදී පවා සියදිවි හානිකර ගැනීමට තරම් මානසික තත්ත්වයක් ඉරියව්වලින් පෙනෙන්නේද නැති බව පොලීසිය කියයි.

    ඇතැම් විට ඔවුන් දෙදෙනා ඉහළ මහලට ගිය පසු ඇතිවුණු යම් සිදුවීමක් මුල්කරගෙන හෝ වසක් විසක් සිරුරට ඒක්වීම හේතුවෙන් ඉහළ මහලින් බිමට වැටුණිදැයි සැකයක්ද මතුවී තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ් සම්බන්ධයෙන්ද පරීක්ෂාවක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කොළඹ පොලිස් මෝචරියේදී පශ්චාතර මරණ පරීක්ෂණය ඊයේ සිදුකර ඇති අතර සිසුවාගේත් සිසුවියගේත් දෙමාපියන්ගෙන්ද ප්‍රකාශ පොලීසිය ලබාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img