අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කසිප්පු ජාවාරම්කරුවෙක් ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා දිවා ආහාරය ගැනීමට ගිය අතර තුර මාංචු ගලවාගෙන පළාගොස් ඇත.
සැකකරුව තනිකර පොලිස් නිලධාරීන් දෙදෙනාම ආහාර ගැනීමට යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇතැයි අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
හිදෝගම පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භකර තිබේ.
පළාගොස් ඇති සැකකරුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 01 වෙනිදාය. ඒ් ඔහුට ඒරෙහිව තිබුණු වරෙන්තුවකට අනුවය. අත්අඩංගුවට ගැනීම සිදුවන විට පොලීසිය සමඟ ඔහු පොරබදා ඇති බවත් ඒහිදී ඇතිවූ තුවාල සම්බන්ධයෙන් රෝහල් ගතකර ඇති බව පොලීසිය කියයි.
අනුරාධපුර රෝහලේ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකරුට මාංචු දමා පෙරේදා (02) පොලිස් නිලධාරීන් දෙදෙනා දහවල් 12.45ට පමණ රෝහලේම කොනක ඇති මේසයක් වෙත ගොස් ඇත්තේ ආහාර ගැනීමටය.
ආහාර ගැනීමෙන් අනතුරුව සැකකරු රදවා සිටි ඇද අසලට පැමිණ බැලීමේදී විලංගුව ඇද මත ඇති බවත් සැකකරු අතුරුදන්ව සිටි බවත් ඒම නිලධාරීන් දෙදෙනා සිය උසස් නිලධාරීන් හමුවේ පවසා තිබේ.