fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"හැමදාම උද්ඝෝෂණ, වර්ජන කරන අයත් මාන්තිව් දූපතට ගෙනත්දාන්න ඕන"

    “හැමදාම උද්ඝෝෂණ, වර්ජන කරන අයත් මාන්තිව් දූපතට ගෙනත්දාන්න ඕන”

    රට කඩා වැටුණු මොහොතේ දුවන සපත්තු සොයා පැන ගිය විපක්ෂය රට වෙනුවෙන් අභියෝග භාරගෙන කටයුතු කරන එකම පුද්ගලයාගේද කකුලෙන් අදිමින් රට යළි කඩා වැටෙන තුරු බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

    රට බංකොලොත්භාවයෙන් නිදහස් වන සුබාරංචියක් එන බව පවසන විට එම පාර්ශ්ව වැඩවර්ජන, උද්ඝෝෂණ ආරම්භ කරමින් කටයුතු කරන බවත් ඊයේ(28) මඩකලපුව හින්දු විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනට සහභාගි වෙමින් හෙතෙම පැවසීය.

    “මඩකපලපුවේ දරුවන්ගේ, මිනිසුන්ගේ ඉවසීම ආදර්ශයට ගන්න ඕනේ දේශපාලනය කරන ඔය කයියනායකලටත් එහෙම පුළුවන් වුණා නම් අර්බුදය වෙලාවේ හැංගෙන්නේ නැහැ. අර්බුද වෙලාවේ හැංගුණා, රට කඩා වැටිච්ච වෙලාවේ අර්බුද, අභියෝග භාර ගන්න කිව්වහම දුවන සපත්තුත් හෙව්වා . දුවන්නේ කොහොමද කියලා බලන්න. තමන්ගේ පත්වීම්, තනතුරු ගැන බැලුව මිසක් රටේ මිනිස්සුන්ට ආදරේ කරලා වගකීම් භාර ගත්තේ නැහැ. මේ ජනතාවගේ කැපවීම් සහ අභියෝග භාර ගැනීම්වලින් පුතාණෝලට, කයියනායකලට ගොඩක් තියෙනවා ඉගෙනගන්න…. අමාරුවෙන් රට නැගිටිද්දී මිනිස්සුන්ගේ හිත ශක්තිමත් කරන නායකයින් වෙනුවට මිනිසුන්ව වට්ටවන්න හදන නායකයෝ තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ” යැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

    “මම පෝස්ට් එකක් දැක්කා ‘අපි පාසල් දහදහස් විසි හයක් වසා දැම්ම. අදත් වහනවා. අපි සාර්ථකයි. – ජෝසප් ස්ටාලින්.’ යනුවෙන්. ඒ කියන්නේ පාසල් දහ දාහක් වැහුවම ඒගොල්ලෝ සාර්ථකයි. කොරෝනා හින්දා ඉස්කෝල අවුරුද්දකට වඩා වහල තිබුණා. ත්‍රස්ත කණ්ඩායමක් බෝම්බ තිබ්බම මුස්ලිම් අය බෝම්බ ගැහුවා කියලා තැන් තැන්වල පෙට්‍රල් බෝම්බ තියලා තවත් කාලයක් පාසල් වහලා තිබ්බා. එම සිදුවීමෙදි මුස්ලිම් අය ඒක කළා කියලා ඔවුන් කොන් කරන්න, මුස්ලිම් අය පිට දාලා තලන්න පෙළන්න එම සිද්ධිය පාවිච්චි කළා.

    කරන්ට් එක නැතුව දරුවන්ට ඉස්කෝලෙ වැඩ කරගන්න බැරුව හිටියා. බස් එකේ යන්න බැරුව හිටියා තෙල් නැතුව. පාසල් දරුවෝ ගොඩක් දුක් වින්දා ඒ කාලෙ. මේ පළාත්වල දරුවන්ට අවුරුදු තිහක් තිස්සේ පාසල් අධ්‍යාපනය හරියට කරන්න බැරි වුණා, මේ පළාත්වල තිබුන යුද තත්ත්වය එක්ක. දැන් මේ වෘත්තීය සමිති ආයිත් පාරක් පාසල් වහලා සතුටු වෙනවනම්, මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා නම් අපිට තියෙන්නේ එක දෙයයි. ඒ කාලේ ලාදුරු රෝගීන් ගෙනත් දාන්න තිබුණු මඩකලපුවේ මාන්තිව් දූපතට හැමදාමත් උද්ඝෝෂණ කරන වර්ජන කරන, රටේ සංවර්ධනයට බාධා කරන ඔය කුහක කණ්ඩායමත් ගෙනත් දාලා මුනුත් නිරෝධායනය කරන්න ඕන.

    නැවත සමාජයට යන්න නොදී එක තැනක වෙන් කරලා තියන්න ඕන. මේ තිස් අවුරුදු යුද්දෙ පටන් ගන්න ඉස්සෙල්ලා අද විතරක් නෙමෙයි උතුරේ බන්ධනාගාරයට ගහන්න, දකුණෙන් ගිහිල්ලා උතුරේ තරුණයන්ට පුරුදු කළේ එදා රෝහණ විජේවීර. මුලින්ම පෙට්‍රල් බෝම්බ හැදුවේ, ළමා සොල්දාදුවන් හැදුවේ එල්ටීටීඊයට යුද්ධ කරන්න ඉගැන්නුවේ, කරුණා අම්ම්මාන්ට ආයුධ ටික දුන්නේ ජේවීපේ එක තමයි. එදා ඉදලා මේ රටේ ප්‍රශ්ණ හදන්න මුල් වුණේ ඔය ජේවීපී එක.

    නැගෙනහිරට ආවම මට ගෙදර ආවා වගේ. මෙහේ බොහොම ළෙන්ගතුකමත් දැනෙනවා . මම ගාල්ලේ, එහා කොණේ වුණත්. මට හිතෙනවා මඩකලපුව හරි ළඟයි කියලා. ඉතිහාසයේ තිබුණ අපේ සබඳතා ඒ ළඟකමට නෑකමට හේතු වෙනවා. ලංකාවේ ගොඩක් අය දවසකට හරි ඇවිල්ල බලන්න ආස මුහුදක්, නගරයක් තමයි මඩකලපුව. මුළු ලෝකෙම ලස්සන වෙරළකට මඩකලපුව අයිතිවාසිකම් කියනවා.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.