තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බේත් ගන්න කොළඹ ආ මවත් පුතාත් අතුරුදන්

    බේත් ගන්න කොළඹ ආ මවත් පුතාත් අතුරුදන්

    පිලියන්දල සිට කොම්පඤ්ඤවීදියේ පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට පැමිණි මවක් සහ පුතෙක් අතුරුදන්ව ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

    මවගේ සැමියා විසින් කර ඇති පැමිණිල්ලට අනුව 40 හැවිරිදි සිය බිරිඳ සහ 13 හැවිරිදි පුතා මෙසේ අතුරුදන්ව සිටිති.

    ඔවුන් දෙදෙනා පසුගිය 15 වෙනිදා රෝහලට පැමිණ ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

    මෙම මවටත් දරුවාටත් සිදුවූයේ කුමක්දැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img