තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කජුවත්තට අලි පනී -මුරකරුට වෙඩි වදී

    කජුවත්තට අලි පනී -මුරකරුට වෙඩි වදී

    සිලාවතුර පොලිස් වසමේ පිහිටි කජු ව්‍යාපෘතියේ මුරකරු බදින තුවක්කුවක් පත්තුවී වෙඩි වැදී මියගොස් ඇත.

    කජු වත්තට ඇතුළු වී සිටි වන අලියකු පළවා හැරීමට ගිය අවස්ථාවේදී අටවා තිබුණු බදින තුවකුවක් පත්තු වී මුරකරු තුවාල ලබා ඇති බව සිලාවතුර පොලීසිය කියයි.

    උයිලංකුලම, පරප්පාකන්ඩවල් හී පදිංචිකරුවෙක් වූ කේ. සිවගුරුනාදන් (44) මෙසේ මියගොස් ඇත.

    මෙම මුරකරු වෙඩි වැදීමට ලක්ව ඇත්තේ පසුගිය 15 වෙනිදාය. ඔහු මියගොස් ඇත්තේ ඊයේ දිනයේදී බව පොලීසිය කියයි. ඒ සිලාවතුර රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img