fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"තිරසර අනාගතයකට අන්තර් සංස්කෘතික සංවාදය අත්‍යවශ්‍යයි" -යුනෙස්කෝ

    “තිරසර අනාගතයකට අන්තර් සංස්කෘතික සංවාදය අත්‍යවශ්‍යයි” -යුනෙස්කෝ

     
     
    තිරසර අනාගතයක් සාක්ෂාත් කරගැනීම සඳහා අන්තර් සංස්කෘතික සංවාදය ඉතා වැදගත් බව යුනෙස්කෝ සංවිධානය පවසයි.
     
    එම සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ගාබ්‍රියෙලා රාමෝස් මහත්මිය ඊයේ (10) වීඩියෝ තාක්ෂණය ඔස්සේ දේශනයක් පවත්වමින් මේ බව සඳහන් කළාය. චීනය යෝජනා කළ ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනයට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවීම පිළිබඳව තමා සතුටු වන බව ඇය එහිදී පැවසුවාය.
     
    දේශගුණික විපර්යාස, වසංගත සහ යුද ගැටුම් වැනි විවිධ ගෝලීය අභියෝගවලට ජාත්‍යන්තර ප්‍රජාව එක්සත්ව විසඳුම් සෙවීමේ අවශ්‍යතාව රාමෝස් මහත්මිය අවධාරණය කළාය.

     එමෙන්ම ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ස්ථාපිත කිරීම, මෙවන් අභියෝග විසඳීමේ දී ඵලදායී මාර්ගයක් වනු ඇති බව ද ඇය කියාසිටී.
     
    එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසිවාරයේ දී ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ප්‍රකාශයට පත්කිරීම පිළිබඳ චීනයේ යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණ. ඒ අනුව සෑම වසරකම ජූනි 10 වැනිදා ශිෂ්ටාචාර අතර සංවාදය සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස නම්  කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img