වර්තමානයේ දකුණු චීන මුහුදේ පවතින විශාලතම ආරක්ෂක අභියෝගය එල්ල වන්නේ කලාපයට පිටත බලවේගයකින් බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා පෙන්වාදෙයි. ඇමරිකාව ප්‍රමුඛ බාහිර බලවේග, භූ දේශපාලනය සහ කඳවුරු ගැටුම් මෙහෙයවමින් කලාපීය ගැටලු තීව්‍ර කර ඇති බව ද හෙතෙම කියාසිටී.
චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා ආසියාන් සංගමය ඇතුළු ආසියානු කලාපීය සංවිධාන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම්වලට සහභාගි වීමෙන් අනතුරුව ඉහත අදහස් දැක්වීය. ඉකුත් 7,8 දෙදින ලාඕසයේ දී එම රැස්වීම් පැවැත්විණ.
දකුණු චීන මුහුදේ දූපත් සම්බන්ධයෙන් චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් ඇත. එම කලාපය හා සම්බන්ධ රටවල් සමග සංවාද පවත්වමින් ආරවුල් නිසි ලෙස කළමනාකරණය කිරීමට චීනය කැපවී සිටින බව ද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා, ආසියාන් රටවල් සමග එක්ව ක්‍රියා කිරීමට චීනය සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.
නැගෙනහිර ආසියාවේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් එම කලාපීය රටවල් පුළුල් එකඟතාවකට පැමිණ ඇති බව ද Sun Weidong මහතා කියාසිටියේය
“දකුණු චීන මුහුදු සීමාවට විශාලතම ආරක්ෂක අභියෝගය එන්නේ කලාපයට පිටතින්” -චීන නි.විදේශ ඇමති
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.