තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙර පාසැල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

    පෙර පාසැල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

    පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට පසුගිය සතියේ දී රජය තීරණය කළ බව හෙතෙම කීය.

    අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට පෙරපාසල් ගුරුවරුන් 34,000ක් පමණ වන බවය.

    ඊයේ (09) අගුණකොළපෑලැස්සේ දී පෙර පාසැල් ගුරු සංවිධාන නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා කීය.

    එහිදී පෙර පාසැල් ගුරුභවතුන්ගේ රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව ඔහු සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img