fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අහුංගල්ලේ පොඩි පැටීගේ කෝටි 30ක කුඩු අල්ලයි

    අහුංගල්ලේ පොඩි පැටීගේ කෝටි 30ක කුඩු අල්ලයි

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අහුංගල්ලේ ලොකු පැටීගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පිස්තෝල අවි දෙකක් රුපියල් කෝටි තිහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එහි දී අහුංගල්ල ලොකු පැටි නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වීරවිල, පාදුක්ක හා ගල්කිස්ස යන ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 24,28,48 පසුවන ප්‍රධානම ගෝලයන් තිදෙනෙකු 9mm වර්ගයේ පිස්තෝල අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, උණ්ඩ රහිත මැගසින් දෙකක්, රුපියල් කෝටි තිහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 13, ග්‍රෑම් 106 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 164 හා මෝටර් රථ 02 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) කැස්බෑව පොලිස් වසමේ කැස්බෑව, කැබැල්ල ගහ වත්ත පාර ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img