තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉවරයක් නැති වර්ජන

    ඉවරයක් නැති වර්ජන

    දුම්රිය එන්ජින් රියදුරන්, රජයේ මිනින්දෝරුවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල යන පාර්ශ්ව විසින් අද දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

    දුම්රිය එන්ජින් රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ සිව්වන දිනටයි. අද උදෑසන නියමිත දුම්රිය ගමන් වාර 20කට අධික සංඛ්‍යාවක් වර්ජනය හේතුවෙන් අවලංගු වී තිබුණි. ඇනහිට ඇති උසස්වීම් සහ නව බඳවාගැනීම් නොමැතිකම සහ වැටුප් විෂමතා ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක ය.

    මේ අතර රජයේ මිනින්දෝරුවරුන්ගේ සංගමය සේවකයින් ද අද දින අසනීප නිවාඩු වාර්තා කරමින් රාජකාරීවලින් ඉවත්ව තිබේ.

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි. එම සංගමය පවසන්නේ ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග සහ පාලම් ඉදිකිරීමෙන් ද සේවකයින් ඉවත් වන බවයි.

    මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අදට 39 වන දිනටත් ක්‍රියාත්මකයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img