fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෝදිගේ අලුත් කැබිනට්ටුව අද දිවුරයි

    මෝදිගේ අලුත් කැබිනට්ටුව අද දිවුරයි

    ඉන්දීය අගමැතිවරයා ලෙස තෙවන වරටත් නරේන්ද්‍ර මෝදි සිය ධුරයේ ඊයේ දිවුරුම් දීමෙන් පසු, නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.

    මෝදි ඊයේ සවස රාෂ්ට්‍රපති භවන්හිදී දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව විශේෂ ආරාධිත අමුත්තන් වන අසල්වැසි රටවල් 7ක නායකයින් සහභාගි වී තිබිණ.

    නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු, ස්වාධීන විෂයභාර රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනෙකු ඇතුළත් වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.