fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්T20 ගිය අපේ කණ්ඩායමට සැළකූ හැටි ගැන ICCයෙන් ප්‍රශ්න කරයි

    T20 ගිය අපේ කණ්ඩායමට සැළකූ හැටි ගැන ICCයෙන් ප්‍රශ්න කරයි

    මේ වන විට T20 ලෝක කුසලානයට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවූ අසාධාරණ ක්‍රියා ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දැනටමත් කරුණු විමසා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    එමෙන්ම ඊට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

    ඔහු පෙන්වා දෙන්නේ මේ මෙ‍ාහොතේදී අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම ද තහනමකට ලක්ව සිටින මුත් අපගේ කණ්ඩායමට යම් යම් වෙනස්කම් සිදුවූ ආකාරයක් පෙනී යන බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

    අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මේ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කරුණු විමසූ අවස්ථාවේදී ය.

    ශ්‍රී ලංකා කණ්ඩායමට ආසාධාරණ ක්‍රියා රැසක් සිදුව ඇති අතර ක්‍රිකට් ක්‍රීඩකයන් පවා තමන්ට අසාධාරණයක් වි ඇති බවට මැසිවිලි නඟන බව විපක්ෂ නායකවරයා එහිදී කීය.

    එසේ ම T20 ලෝක කුසලාන තරග ක්‍රියාත්මක වූ නැසෝ කියන ක්‍රීඩාංගනය ක්‍රිකට් තරග සඳහා නුසුදුසු එකක් බවට ICC එක පිළිගෙන ඇති බවත් මේ ගැන පක්ෂ විපක්ෂ වාද භේද ඇති කර නොගෙන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    අප රටේ ක්‍රිකට් කණ්ඩායමට ලැබිය යුතු නිසි පහසුකම් ICC නීතිරීති රෙගුලාසි තුළ ලබා ගත යුතු බවත් ICC එක තුළ තිබෙන වැරදි සැලකිල්ල මෙන් ම බලවත් අයට ඉහළ සැලකිල්ලත්, බලවත් නොමැති රටවල් පාගා දැමීමටත් විරුද්ධව නැගී සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කර සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.