තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයනය තහනමක් තියෙද්දිත් වාහන තොගයක් මාකට් එකට ඇවිත්

    ආනයනය තහනමක් තියෙද්දිත් වාහන තොගයක් මාකට් එකට ඇවිත්

    ආනයන තහනම පැවති සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බව අමාත්‍යවරයා පෙන්වා ද්.ේ

    දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් දී මෙම තොරතුරු අනාවරණ වී ඇත.

    වාහන ආනයන සඳහා තහනමක් පැවතියත් කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වනවිටත් සිදු වෙමින් පවතී.

    මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථවාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

    රථවාහන ආනයන සඳහා අවසර ලබාදීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කර තිබේ.

    රථ වාහන නිෂ්පාදනය කරන සමාගම්වල නියෝජිතයන් සඳහන් කර ඇත්තේ ආනයන සීමා ඉවත් කිරීමේ දී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසයි.

    ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇතැයි පැවසූ ඔවුන් කියා සිටියේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්‍රියාවලියක් බවයි.

    එහි දී රාජය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමට රජය නිරන්තරයෙන් සහය දක්වන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img