ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත්, ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසන්නේ විශේෂයෙන් මෙහිදී බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට කඩිනමින් එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12වනදා රැස්වීමට නියමිත ය.
එහිදී දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද එම අරමුදලේ ප්‍රකාශිකාව මාධ්‍ය වෙත සඳහන් කර ඇත.