සැලසුම් කළ පරිදි 2023 වසරේ මාර්තු මස 9 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීමට කටයුතු නොකිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු ව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර ,යසන්ත කෝදාගොඩ,යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පවත්වන ලදි.