තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෛත්‍රීගේ ජනපති සමාවකුත් රිවස්

    මෛත්‍රීගේ ජනපති සමාවකුත් රිවස්

    කලකට ඉහතදී සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රොයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කර තිබේ.

    ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් ලබාදුන් ජනාධිපති සමාව බල රහිත වනු ඇත.

    මේ වන විට විදේශගතව සිටින එම වරදකරු, දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස නියම කර තිබේ.

    ඊට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවද එහිදී නියෝග කෙරිණ.

    අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතාට තවත් නියෝගයක් නිකුත් කර ඇත.

    මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

    එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බල රහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img