තමාව දූෂණය කළ බවට ව්‍යාජ පැමිණිල්ලක් කළ 22 හැවිරිදි තරුණියකට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාසයක සිරදඩුවමක් ඊයේ (05) නියම කර ඇත.
පන්නල ඇලබඩගම පදිංචි තරුණියකට මෙසේ සිරදඩුවම් නියම වී ඇත්තේ එය අනිවාර්ය සිරදඩුවමක් ලෙසිණි.
මෙම තරුණිය උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින්නියකි. තමාව තරුණයෙක් දූෂණය කළ බවට ඇය විසින් පොලීසියට පසුගිය දිනක පැමිණිල්ලක් කර ඇත.
ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ කුලියාපිටිය කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ අංශයේ නිලධාරීන් විසින් ඇයව දූෂණය කළ බව කියන තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
එම තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේදී හෙළිවී ඇත්තේ මෙම තරුණිය හා තරුණයා පෙම්වතුන් බවය.
ඔවුන් දෙදෙනා හෝටල් හා ලැගුම්හල් වෙත කිහිප අවස්ථාවකදීම ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.
මෙම සම්බන්ධය වරක් දෙමාපියන්ට හසුවීම හේතුවෙන් තරුණිය තමාව ඔහු දූෂණය කළ බවට ව්‍යජ පැමිණිල්ලක් කර ඇති බව පවසා ඇත.
ඒ අනුව පොලීසියට ඇය පැමිණිලිකර ඇත.
මේ බව පොලීසිය අධිකරණයට ඊයේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී තරුණියට මාසයක අනිවාර්ය සිරදඩුවමක් ලබාදී තිබේ.